නාවික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ පොතුහැර ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් දේපළක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.

ඔහු රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත නිදහස් කර ඇත. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා ඇත.