නැවත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (12) පැමිණෙන ලෙස තංගල්ල පොලිසිය විසින් හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට දැනුම් දී තිබේන අතර වීරවංශ මහතා මාධ්‍ය වෙත පැවසුවේ අද දිනයේ පෙනී සිටීමට නොහැකි බව පොලිසියට දැනුම් දුන් බවත් වෙනත් දිනයක පෙනී සිටින බවත්ය.

මේ අතර, “පුවක්දණ්ඩේ සනා” නමින් හැඳින්වෙන පුද්ගලයෙකුගේ දේශපාලන සම්බන්ධතා සම්බන්ධයෙන් තංගල්ල අපරාධ කොට්ඨාශයට ඔහු මීට පෙර ලබා දුන් ප්‍රකාශය විකෘති කිරීම සහ ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.